නිරෝධායන ඇඳිරි නීතියෙන් බාධාවක් නැති අය

ඇඳිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශවල විභාගවලට පෙනී සිටින සිසුන්, අධ්‍යාපන, සෞඛ්‍ය සහ ආරක්ෂක කාර්ය මණ්ඩල සඳහා ගමනාගමන කටයුතුවලට අවස්ථාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා

මේ අතර, ඇඳිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශවල සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා කියා සිටිනවා

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ උසස් පෙළ සිසුන්ට හා විභාග කාර්ය මණ්ඩලවලට ප්‍රවාහන සේවා යොදවා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා

විභාග කොමසාරිස් ජනාරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, ශිෂ්‍යත්ව විභාග ඇගයීම් මධ්‍යස්ථානවලට පැමිණෙන ගුරුවරුන්ට ද එම ප්‍රවාහන පහසුකම් ලබා ගත හැකි බවයි.

කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව ඇගයීම් අත්හිටුවා ඇතැයි ද සෙසු ප්‍රදේශවල ශිෂ්‍යත්ව ඇගයීම් කටයුතු අද සිට ලබන 27 වැනිදා දක්වා සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා

The post නිරෝධායන ඇඳිරි නීතියෙන් බාධාවක් නැති අය appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 Views