ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම්දීමක්

බටහිර, මධ්‍යම බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය හේතුවෙන් හෙට දිනය දක්වා එම ප්‍රදේශ වෙත යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ හේතුවෙන් බටහිර, මධ්‍යම සහ වයඹදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල තද හෝ ඉතා තද ප්‍රහාරාත්මක සුළං, තද වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 – 60 දක්වා ඉහළ යා හැකියි.

එසේම පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

The post ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම්දීමක් appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 Views