දෙහිවල පොදු වෙළඳ සංකීර්ණය වසා දමයි

දෙහිවල දුම්රියපොළ පාරෙ හි පිහිටි පොදු වෙළඳ සංකීර්ණය අද (22) දහවල් වසා දැමීමටපියවර ගත් බව දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම් ඩ් අජිත් සංජීව මහතා පැවසීය.

කෝවිඩ් ආසාධිතයකු පෑලියගොඩ මාළු වෙළඳපොළින් දෙහිවල පොදු වෙළඳ සංකීර්ණයට මාළු රැගෙන ඒම හේතුවෙන් දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීහු හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම පියවර ගෙන තිබේ.

පසුගියදා එම වෙළඳපොළ සේවකයින් පිරිසක් සමග මෙම පුද්ගලයාද පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමුකරනු ලැබ තිබූ අතර, එහිදී ඔහුට කෝවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව හෙළි වී තිබේ.

ඔහු පැමිණි දෙහිවල පොදු වෙළඳපොළ සංකීර්ණයේ වෙළඳසැල් සියල්ල වසා දැමීමට කටයුතු කරනු ලැබ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

24 Views