” දූෂණය වීමට දියණියන් සුදානම් කරන රටක මිනිස්සු අපි. මේ දූෂකයෝ සමාඡයේ වීරයෝ කරන එකත් උන් නීතියෙන් බෙරී සිටිම ගැනත් අපි ඉන්දියානුවන් විදිහට ලැඡ්ඡා විය යුතුයි”

සුනීතා ක්‍රිෂ්ණන්

‘‘ ඔබලා දන්නවාද ඉන්දියාවේ  වහල් ශ්‍රමිකයෝ කොචිචරක් ඉන්නවද කියලා?  එය තිස් ලක්ෂයක්….මේ  තිස් ලක්ෂයකගේ දියණියන්  හෙට වෙනකොට තවත් තිස් ලක්ෂයක් දූෂණය වීම සදහා ලැස්තිකරන රටක මිනිස්සු අපි. මේ  දූෂකයො සමාඡයේ වීරයෝ කරන එකත් උන් නීතියෙන් බෙරී සිටිම  ගැනත් අපි ඉන්දියානුවන් විදිහට ලැඡ්ඡා විය යුතුයි “

ඉන්දියානු රාඡ්‍යයේ ඉහළම සිවිල් සමිමානය වන පද්ම ශ්‍රී සමිමානය 2016 දී ඉන්දියානු රාඡ්‍යය පුදදෙනු ලැබුවේ ‘‘ ලිංගික සූරෑකෑමට ‘‘ එරෙහිව අභීතව නැගීසිටි සුනීතා ක්‍රිෂ්ණන් නැමැති දිරිය ගැහැණියටය.

සුනීතා ක්‍රිෂ්ණන් උපත ලැබුවේ  මලයාලම්  ඡාතික මවුපියන්ට දාව 1972 දී බැංග්ලෝරයේය. ඇය උපතේ පටන් වෙනස්ව සිතන පතන හා ක්‍රියාකරන දැරිවියක බව ඇය ඇගේ වයස 8 දී ඉන්දියාවේ  කුලහීන දරැවන්ට නර්තනය ඉගැන්වීමට පටන් ගැනීමෙන්ම අපට පෙනේ. ඇය ඉන් නොනැවතී ඇයට යන්තම්  වයස 14 ක් පමන වනවිට ඉන්දියාවේ  කුලහීන ඡනතාවක් ලෙස සැලකූ දාලිත් කුලයේ දුගී දරැවන්ට පුංචි කාමර කෑල්ලක් කුලියට ගෙන නොමිලේ ඉගැන්වන්නට පටන් ගත්තාය. ඉන්දියාව යනු කුලවාදය නැමති නාරාවලේ කරවටක් ගිලී ගිය මිනිසුන් වෙසෙන රාඡ්‍යයකි. සුනීතාගේ මේ  අඩු කුලයේ දරැවන්ට අධ්‍යාපනය ලබාදෙන එක කුලීන සමාඡයයට දිරවාගත නොහැකිවිය. එහි ප්‍රතිපලය වුයේ  වියරු  මිනිසුන් 8 දෙනෙකු එකතුව මේ  කෙල්ලව දූෂණය කිරීමයි. එවිට ඇයගේ වයස අවුරුදු 15 කි.

දූෂණයෙන් පසු ඇය තවදුරටත් දරුවන්ට  උගන්වන්න  ගියේ නැත. ඒ ඇය කඩා වැටුණු නිසා නොවේ. දූෂණය ඇගේ අරමුණු ශක්තිමත් කර තිබූ අතර ඇයට ස්ථිරසාර ඉලක්කයක් තිබිණි. ඇය උසස් අධ්‍යාපනය සදහා දිගටම වෙහසවුනු අතර  මනෝ වෛද්‍ය විද්‍යාවේදී උපාධියකින් එය අවසන් කලාය. අනතුරැව කාන්තාවන්ගේ සිවිල් අයිතිවාසිකමි උදෙසා පාරට බැස්සාය. එය ඇයට සිරගෙදර බත් කෑමට ප්‍රථමවරට හුරු කලේය. 1996 දි බැංග්ලෝර් තරුණියන්  ලෝක රුපරාජනී තරගවලට සහභාගිවීම නැවත්වීම සදහා කල ඇගේ උද්ඝෝෂණයක් නතර වුයේ ඇයට මාස දෙකක සිර දඩුවමක් ලබා දෙමිනි. සිර දඩුවම අවසන ඇය සිය නිවෙසට ආ විට ගෙදර ඇයට තිබූ පිළිගැනීම එතරමි යහපත් වුයේ  නැත. සුනීතා එය මායිම්  නොකරමින් 1996 දී සිය නිවෙස අතහැරීමට තීරණය කලාය. එවකට කාන්තා අයිතිවාසිකමි වෙනුවෙන් පෙනීසිටි පල්ලියේ පුඡකවරයෙකු වු ඡෝස් වෙතිකාල් හමුවූ ඇය හයිද්‍රබාද් නගරයට පැමිණියාය. අණතුරව ඇය ලිංගික හිංසනයෙන් හා දූෂණවලින් මානසිකව කඩා වැටුණු ගැහණුන් වෙනුවෙන් ‘‘ ප්‍රඡ්වාලා ‘‘ නැමති සංවිධානය පිහිටවුවාය. එහි ප්‍රථම කාර්යය වුයේ හයිද්‍රාබාද්හි ‘‘ රතු එළිය ‘‘ නැමති ඉන්දියානු ගණිකාවන් වෙසෙන ප්‍රදේශයේ නිවෙසක් කුළියට ගෙන එහි ගණිකා වෘත්තියේ යෙදුණු ගැහැණුන්ගේ දියණියන්ට පාසැලක් විවෘත කිරීමය. මෙම පාසැලට පැමිණි දැරියන්ද සිය මවුවරු  මෙන්ම දුෂණයට ලක්ව සිටි දැරියන්ය. සුනීතා මෙම සියලු දැරියන්ට මනාලෙස අධ්‍යාපනය දෙමින් ඔවුන්ට ස්වයං රැකියා පුහුණු කරමින් හා රැකියා අවස්ථා සොයාදෙමින් නැවත ගණිකා වෘත්තියට නොයනසේ කාරුණිකව  හා දක්ෂ ලෙස ඔවුන් මෙහෙයවුවාය. ඇගෙන් යහපත් මාර්ගය තෝරාගත් දැරිවියන් සංඛාවක් ලෙස දක්වන්නේනම්  අටදහස ඉක්මවයි. ඇය මේ  වනවිට හයිද්‍රබාද්හි පාසැල් 19 ක දූෂණයට ලක්වූ පාසැල් සිසුවියන් වෙනුවෙන් සති පතා වෛද්‍ය සායන පවත්වයි.

‘ වරක් නෙල්සන් මැන්ඩෙලා සමරු  තිලිණය ලැබු සුනීතා අල් ඡසීරා පුවත් නාලිකාවට මෙසේ කියා තිබුණාය

‘‘ ඔබලා දන්නවාද ඉන්දියාවේ  වහල් ශ්‍රමිකයෝ කොචිචරක් ඉන්නවද කියලා… ?  එය තිස් ලක්ෂයක්….මේ  තිස් ලක්ෂයකගේ දියණියන්  හෙට වෙනකොට තවත් තිස් ලක්ෂයක් දූෂණය වීම සදහා ලැස්තිකරන රටක මිනිස්සු අපි. මේ  දූෂකයො සමාඡයේ වීරයෝ කරන එකත් උන් නීතියෙන් බෙරී සිටිම  ගැනත් අපි ඉන්දියානුවන් විදිහට ලැඡ්ඡා විය යුතුයි ‘‘.

මේ  වනවිට ඇගේ ප්‍රඡාවාලා සංවිධානය විසින් ලිංගික ජාවාරම් කරුවන්ගේ   ග්‍රහණයෙන් බේරා ගත් දැරිවියන්ගේ ගණන 12,000 කි. සුනීතාගේ ප්‍රඡාවාලා සංවිධානය ගොඩ නැගී ඇත්තේ කුලුණු පහක් මතය. දුෂනයකින් බේරා ගැනීම, වැළක්විම , පුනරැත්ථාපනය, වින්දිතයාව මානසිකව ගොඩ නැගීම හා දූෂකයාට දඩුවම්  ලබාදීම එම කුලුණු වේ.

ඇය විවාහවුයේ ඉන්දියාවේ  තිරනාටක රචකයෙකු හා අධ්‍යක්ෂකවරයෙක් වන රඡේෂ් වචීර්වර් සමගය ඔහු හා එකතුව ඇය නිෂ්පාදනය කල ඉන්දීය ගැහැණුන්ගේ ලිංගික සුරාකෑම විදහා දැක්වෙන චිත්‍රපටිය ‘‘ නාබන්ගාරු තාලි ‘‘  ඉන්දියානු රාඡ්‍ය  සමිමාන තුනක් දිනා ගත්තේය.

2003 දී ඇය  මේ   දූෂණයට ලක්වූ වින්දිතයන් පුනරුත්ථාපනය කිරීමට හා වන්දි ලබාදීමට වහා මැදිහත් විය යුතුයැයි ඉන්දීය රජයට බලකර  සිටියාය . ඒ අනුව ඉන්දීය රජය   කර්නාටක, උත්තර ප්‍රදේශ් , තමිල්නාඩු, දිල්ලි. බටහිර බෙංගාලය හා මහාරාෂ්ට ප්‍රාන්තයන් හි දූෂණයට ලක්වූවන් වෙනුවෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන පිහිටුවා වින්දිතයන්ට වන්දි ලබාදීමේ කාර්යයයේ දැන් නිරත වෙයි. සුනීතා ක්‍රිෂණන් මේ වනවිට දූෂණයට එරෙහිව නිෂ්පාදනය කල චිත්‍රපටි ප්‍රමාණට 11 කි. ඇගේ දූෂණයට එරෙහිව නැගී සිට ඇය වින්දියන්ට කල අප්‍රමාණ සේවය වෙනුවෙන් මේ  වනවිට ලැබූ ඉන්දියානු සහ ඡාත්‍යන්තර සමිමානවල එකතුව 49 කි.  ඒවා මිනිසෙකුට ලැබිය හැති ඉහළම ශ්‍රේණියේ සමිමාන ද වෙයි.

Facebook සටහනක් උපුටා නැවත පලකිරිමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 Views