ද්විත්ව පුරවැසිකම 20 ඉතිරිවීම ගැන සතුටක් නෑ

20 වැනි සංශෝධනයේ ‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳ සතුටු වීමට නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ ප්‍රකාශ කළේය.ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (20 වැනිදා) ජාතික නිදහස් පෙරමුණේ නායකයන් සහ ශ්‍රී ලංකාවේ කොම්යුනිස්ට් පක්ෂයේ නායකයන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමිනි.

යම් ද්විත්ව පුරවැසියකුට ජනාධිපති, අගමැති, ඇමතිවරයකු හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මෙරට දේශපාලනයේ සක්‍රිය භූමිකාවක් ඉටු කිරීමට උවමනා නම් වෙනත් රටක් සමග තිබෙන බැඳීම්, පක්ෂපාතීභාවය අතහැරිය හැකි විය යුතු බවත් එම බැඳීම් සහ පක්ෂපාතීත්වය ඇතිව ඉහත ධුර දැරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

දැනට ‘ද්විත්ව පුරවැසි බාධකය’ පවතින්නේ පාර්ලිමේන්තු හෝ වෙනත් මහජන නියෝජිත ධුරයක් දැරීමට වුවත් එය තානාපති ධුර, අමාත්‍ය ලේකම් ධුර හා මහ බැංකු අධිපති ධුරය වැනි ඒවාට ද අදාළ වන සේ පැවතිය යුතු බවද එය රටට හිතකර දෙයක් මිස අහිතකර දෙයක් නොවන බවත් වීරවංශ ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

48 total views, 48 views today

The post ද්විත්ව පුරවැසිකම 20 ඉතිරිවීම ගැන සතුටක් නෑ appeared first on .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 Views