ට්‍රම්ප්ට චීන බැංකුවක ගිණුමක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමාට චීන බැංකුවක ගිණුමක් ඇති බව පිළිගෙන ඇතැයි ‘නිව් යෝර්ක් ටයිම්ස්’ වාර්තා කරයි. මෙම ගිණුම ජනපති ට්‍රම්ප්ගේ අන්තර්ජාතික හෝටල් කළමනාකරණ අංශය විසින් පාලනය කරනු ලබන අතර 2013 සිට 2015 දක්වා කාලය තුළ බදුගෙවීම් සඳහා එම ගිණුම භාවිත කර ඇත.

ට්‍රම්ප්ගේ ප්‍රකාශකයකු පවසා ඇති ආකාරයට මෙම ගිණුම අරඹා ඇත්තේ ‘ආසියාවේ හෝටල් ගනුදෙනු සඳහා ඇති හැකියාව ගවේෂණය කිරීම’ සඳහාය.

ජනපති ට්‍රම්ප් එක්සත් ජනපදය තුළ සිදුකෙරෙන චීන වෙළෙඳ කටයුතු බරපතළ ලෙස විවේචනය කර ඇති අතර ගෝලීය මට්ටමින් දෙරට අතර වෙළෙඳ යුද්ධයක්ද මේ වන විට උද්ගතව තිබේ. ජනපති ට්‍රම්ප්ගේ බදු වාර්තා පිළිබඳ ගවේෂණය කිරීමෙන් අනතුරුව නිව් යෝර්ක් ටයිම්ස් මෙම ගිණුම් විස්තර අනාවරණය කර ඇත.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇති ආකාරයට ඔහුගේ පෙර මූල්‍ය වාර්තාවන්ට අනුව මෙම චීන ගිණුම හරහා ඩොලර් 1,88,561ක් හුවමාරු කර තිබේ. ලබන නොවැම්බර් 3 වැනිදා එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර ජනපති ට්‍රම්ප් විසින් සිය ප්‍රතිවාදියා වන රිපබ්ලිකන් පක්ෂ අ​පේක්ෂක ජෝබයිඩන්ගේ චීන හිතවාදී ප්‍රතිපත්තිය බරපතළ ලෙස විවේචනයට ලක්කරමින් සිටී.

43 total views, 43 views today

The post ට්‍රම්ප්ට චීන බැංකුවක ගිණුමක් appeared first on .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 Views