ජීවිතය පරදුවට තබා කොස්තාපල් කල වික්‍රමය

රාජකාරී වේලාවේදී ගඟට පැන ජීවිතයක් බේරා ගැනීමට හැකිවීම පිළිබඳව තමා අතිශයින් සතුටු වන බවත් එය තමාගේ ජීවිතයේ නොමැකෙන සටහනක් බවත් බද්දේගම පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල් ලසන්ත පුෂ්ප කුමාර මහතා පවසනවා.

පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පසුගිය 19දා සවස බද්දේගම පොලිසියට පැමිණි කාන්තාවක් දිවි හානි කරන ගැනීමට බද්දේගම පාළමෙන් ගිං ගඟට පැන තිබූ අතර වහාම ක‍්‍රියාත්මක වූ බද්දේගම පොලිසියේ පොලිස් විශේෂ කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයකු ගඟට පැන ඇයව බේරාගෙන තිබෙනවා.

26 හැවිරිදි දෙදරු මවක මෙසේ බේරාගෙන තිබුණේ පොලිස් කොස්තාපල් ලසන්ත පුෂ්ප කුමාර මහතා විසිනි.

පොලිස් කොස්තාපල් ලසන්ත පුෂ්ප කුමාර මහතා මෙසේද කීවේය. ”මම එනකොට පිරිසක් කිව්වා අන්න ගෑනු කෙනෙක් ගඟට පැන්නා කියලා. මා දෙවරක් නොසිතා ගඟට පැන්නා. ජීවිතයක් බේරා ගත්තා. අපේ පොලිසියේ චාමර, ගුණසේකර, ඩයස්, ප‍්‍රියන්ත යන මහත්වරු මාහට උදව් කළා. මේ ගැන ස්ථානාධිපති ප‍්‍රභාත් දේශබන්දු මහතා ඇතුළු සියලූ දෙනා දිරිමත් කළා.

ගොඩබිමට රැුගෙන ඒමෙන් පසුව එම කාන්තාව බද්දේගම මූලික රෝහලට රැුගෙන ගොස් මූලික ප‍්‍රතිකාර ලබාදී වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යවා තිබුණි. කාන්තාව සුවෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

දිවයින පුවත්පතෙන් උපුටා ගැනීමක්.

The post ජීවිතය පරදුවට තබා කොස්තාපල් කල වික්‍රමය appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 Views