ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

දේශීය පුවත්

1.මැනිං වෙළෙඳපොළ අද පෙරවරු 10 සිට සඳුදා දක්වා වැසේ : පිටකොටුව මැනිං වෙළෙඳපොළ අද(22) පෙරවරු 10.00 සිට සඳුදා(26) අලුයම 5.00 දක්වා වසා තැබීමට පොලීසියෙන් උපදෙස් දී තිබේ .

2. අගලවත්ත සහ පාලින්දනුවර ප්‍රා.ලේකම් කොට්ඨාසවල ප්‍රදේශ 6 ක් Lockdown කෙරේ : කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අගලවත්ත, ගොරක්ගොඩ, බේරගම, දාපිලිගොඩ, කැකුලන්දල උතුර සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙල්ලන, වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා(Lockdown) ගම්මාන ලෙස නම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

3. රංජන් හා හිරුණිකා දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම මගහරින පුද්ගලයින් බවට තීරණය කෙරේ : පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම මගහරින පුද්ගලයන් බවට තීරණය කළ බව එම කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා පවසයි

4. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය වැසේ: වෙළෙඳුන් 49 කට කොරෝනා : පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 49 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

විදෙස් පුවත්

5. අමෙරිකාවෙන් Google සමාගමට එරෙහිව නඩු : අමෙරිකාව ගූගල් සමාගමට එරෙහිව නඩු පවරා තිබේ.අන්තර්ජාල සෙවුම්වලට අදාළ නීති ගූගල් සමාගම විසින් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මෙලෙස නඩු පවරා ඇත.


උණුසුම් පුවත්

  • ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
  • තවත් කොරෝනා ආසාදිතයින් 57ක්
  • UPDATE: අගලවත්ත සහ පාලින්දනුවර ප්‍රා.ලේකම් කොට්ඨාසවල ප්‍රදේශ 6 ක් Lockdown කෙරේ
  • මැනිං වෙළෙඳපොළ හෙට පෙරවරු 10 සිට සඳුදා දක්වා වැසේ
  • රංජන් හා හිරුණිකා දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම මගහරින පුද්ගලයින් බවට තීරණය කෙරේ
  • දින වෙන් කර නොගත් හා නිරෝධායන ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල ජනතාවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට අවසර නැහැ
  • තවත් කොරෝනා ආසාදිතයින් 109 ක්
  • තවත් කොරෝනා ආසාදිතයින් 44 කට සුවයි
  • ගම්පහ දිස්ත්‍රික්කය හරහා වාහනවලට ගමන් කිරීමට හැකි වුවත් නැවැත්විය නොහැකියි
  • 20 සංශෝධන තවදුරටත් සිදුවිය යුතුයි – මහා සංඝරත්නය ශ්‍රීලනිපට කියයි

The post ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 Views