කොවිඩ් මර්දනයට ජපානයෙන් ඇ.ඩොලර් මිලියන 9.6 ක්
කොවිඩ් මර්දන මෙහෙයුම් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 9.6 ක් ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුමට දැනුම් දී ඇත.
තානාපතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ විදුලිබල අමාත්‍යාංශයේ පැවති නිල සාකච්ඡාවකදීය. විදුලිබල ක්ෂේත්රය වෙනුවෙන් තාක්ෂණික හා මූල්‍ය සහයෝගය ලබා දීමට ද තානාපතිවරයා එකඟ වූ බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරයි. එමෙන්ම බලශක්ති ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අගය කර ඇති තානාපතිවරයා මෙරටට එල්.එන්.ජී. බලාගාරයක් ලබා දීමට හා එල්.එන්.ජී, සැපයීමට ජපානයේ අවධානය යොමුව ඇතැයිද පවසා තිබේ.
තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගනිමින් ගුණාත්මක හා ලාභදායී විදුලිබල සේවාවක් ලබා දීම තම අරමුණ බව මෙම අවස්ථාවේ දී ඇමැති ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර ඇත.
49 total views, 49 views today
The post කොවිඩ් මර්දනයට ජපානයෙන් ඇ.ඩොලර් මිලියන 9.6 ක් appeared first on .