කොන්සියුලර් කටයුතු දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවා තාවකාලිකව අත්හිටුවයි

නැවත දැනුම් දෙනතුරු විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලූම සේවා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Covid -19 වෛරසය පැතිරීම වැළැක්වීම පාලනය කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මහජනතාවගේ එක්රැස් වීම සීමා කිරීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බවයි විදේශ අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.

ඒ අනුව, කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටා ඇති කොන්සියුලර් කටයුතු අංශය, නැවත දැනුම් දෙන තෙක් අපනයන ලේඛන සහතික කිරීම සඳහා එම අංශයට පැමිණෙන අපනයනකරුවන් ඇතුලු බාහිර පුද්ගලයන් සඳහා වසා තැබෙනු ඇති.

නැවත දැනුම් දෙනතුරු මාතර සහ යාපනයේ පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල දෙකෙන් ද ලේඛන සහතික කිරීමේ සේවා ලබා නොදෙන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය කියාසිටියේ.

The post කොන්සියුලර් කටයුතු දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවා තාවකාලිකව අත්හිටුවයි appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 Views