කැටගොඩ ‘හුංගෙක්’ – විමල් කියයි (VIDEO)
ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා හා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා අතර ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුවූ උණුුසුම් තත්ත්වය පිළිබඳව අද පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් මාධ්‍ය විමසීමක් කළේය.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ එහිදී කිසිම පහරදීමක් සිදු නොවුණ බවත් ඔහු කිසිවෙකුගේ ‘හුංගෙක්’ ලෙස කටයුතු කර ඇති බවයි.
සිය පක්ෂයේ පිරිසක් කඩා වෙන්කිරීම සඳහා ඔහු කටයුතු කරන බවට මන්ත්‍රී පිරිසක් තමන්ට සඳහන් කළ බවත් ඒ පිළිබඳව තමන් අග්‍රාමාත්‍යවරයාට සඳහන් කරන අවස්ථාවේදී ජයන්ත කැටගොඩ මහතාද එම ස්ථානයේ සිටි බවත් අමාත්‍යවරයා පැවැසීය.
The post කැටගොඩ ‘හුංගෙක්’ – විමල් කියයි (VIDEO) appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.