එකම වතුර බෝතලය බෙදාගෙන පානය කල පොලිස් සැරයන්වරයෙකුට සහ සිවිල් ආරක්ෂක නිලධාරිනියකට නඩු

අධිකරණයේ නඩු කටයුතු අවසන් කර අධිකරණ භූමියේදි එකම ජලය බෝතලය බෙදාගෙන පානය කල පානදුර දකුණ පොලිසියේ පොලිස් සැරයන්වරයෙකුට සහ සිවිල් ආරක්ෂක බලකා නිලධාරිනියකට පානදුර මහේස්ත්‍රාත්වරයා විසින් නිරෝධායන නීති යටතේ නඩු පවරා තිබෙනවා.

ඒ, එම නිලධාරින් දෙදෙනා එක් වතුර බෝතලයක් හුවමාරු කර ගනිමින් ජලය පානය කිරිම හේතුවෙන්.

මෙම නිලධාරින් දෙදෙනාගේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමෙන් පසු මහේස්ත්‍රාත්තුමා මෙලෙස ඔවුන්ට එරෙහිව නිරෝධායන රෙගුලාසි අනුව නඩු පැවැරීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 Views