LPL මහනුවර කණ්ඩායම සල්මාන්ගේ පවුලේ අය මිලදී ගනියි
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මහනුවර කණ්ඩායම බොලිවුඩයේ සුපිරි නළු සල්මන් ඛාන්ගේ පවුලේ අය විසින් මිලදීගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
මෙම තරාඟාවලියේදී නුවර කණ්ඩායම ක්‍රීඩා කරන සියලුම තරඟ සඳහා සල්මාන් ඛාන් එක්වීමට නියමිත බවද එම වාර්තාවල සඳහන් වේ.
බටහිර ඉන්දීය සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල්, පාකිස්තාන ක්‍රීඩක වහම් රියාස්, එංගලන්ත ක්‍රීඩක ලියම් ප්ලන්කේට් මෙම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබයි.
මීට අමතරව , ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් ජනිත්, නුවන් ප්‍රදීප් හා කුසල් මෙන්ඩිස්ද මෙම කණ්ඩායමට ඇතුළත් වෙයි.