“800”න් ඉවත් වුනත් සේදුපතිගේ කුඩා දියණිය දූෂණය කරන බවට තර්ජන

ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ චරිතය නිරූපණය​ කෙරෙන 800 චිත්‍රපටයෙන් ඉවත්වීමට තීරණය කිරීමෙන් පසුවද දකුණු ඉන්දීය නළු විජේ සේදුපතිට ඔහුගේ කුඩා දියණිය දූෂණය කරන බවට තර්ජන එල්ල වී තිබෙනවා.

එල්ලවුණු බරපතළ චෝදනා හේතුවෙන් 800 චිත්‍රපටයෙන් ඉවත් වන බව පෙරේදා (19 වැනිදා) මාධ්‍ය හමුවක් කැඳවමින් විජේ සේදුපති නිවේදනය කළේය.

එම තීරණය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවද India today ඇතුළු ඉන්දීය මාධ්‍ය ආයතන වාර්තා කරරන පරිදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් යම් පුද්ගලයකු මෙලෙස විජේ සේදුපතිගේ දියණිය දූෂණය කරන බවට තර්ජනය කර ඇතැයි පවසා තිබෙනවා.කෙසේ වෙතත් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

800 චිත්‍රපටයේ මුරලිගේ චරිතය නිරූපණය කරන බවට ප්‍රසිද්ධ කිරීමත් සමග සැලකිය යුතු පිරිසක් ඔහුට විරෝධය පළ කළ අතර එම විරෝධතාවන්ට පදනම්ව තිබුණේ මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලාංකික දමිළ ජාතිකයකු වීමයි.

The post “800”න් ඉවත් වුනත් සේදුපතිගේ කුඩා දියණිය දූෂණය කරන බවට තර්ජන appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

46 Views