20 ගැන විවාදය අද සහ හෙට – රජය වගන්ති දෙකක් ඉවත් කර ගනී

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය අද (21) ආරම්භවීමට නියමිතව තිබේ.

අද සහ හෙට (22) පෙරවරු 10.00 සිට රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර හෙට රාත්‍රීයේ ඒ සඳහා වන ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.

හෙට රාත්‍රීයේ විවාදය අවසන් වීමෙන් පසු කාරක සභා අවස්ථාව ආරම්භවන අතර විවාදය පැවැත්වෙන දින දෙක තුළ දී පාර්ලිමේන්තු ආරම්භයේ දී පැවැත්වෙන වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ප්‍රශ්න සභා ඝර්භය තුළ දී ඉදිරිපත් නොකරන අතර දිවා විවේකය සඳහා පාර්ලිමේන්තුව අත්හිටුවීමක් ද සිදුනොවන බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කළේය.

මේ අතර, ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ 05 සහ 22 වගන්ති ඉවත් කරගැනීමට රජය තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍ය අලි ශබ්රි මහතා සඳහන් කළේය.

20 ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති 02ක් සංශෝධනය කිරීමට ද පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේය.

The post 20 ගැන විවාදය අද සහ හෙට – රජය වගන්ති දෙකක් ඉවත් කර ගනී appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

34 Views