20ට ජනතා ආශීර්වාදයක් නෑ… සම්මත වුණත් එය පරාජයක් – මැදගොඩ අභයතිස්ස හිමි
එහිදී වැඩදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද පැවසූහ.
විසිවැනි සංශෝධනයේ තියෙන කාරණා තුනක් ගැන සඳහන් කළ යුතුමයි. ඉන් පළමුවැන්න හදිසි පනතයි. අපි දන්නවා ව්‍යවස්ථාවේ තිබෙනවා 122 වැනි වගන්තිය. එහි තිබෙන්නේ හදිසි පනතක් ගෙන ආ හැකියි කියලා. හැබැයි 19 වැනි සංශෝධනයේදී එය අහෝසි කර තිබෙනවා. හදිසි පනත් ගෙන ඒම රටට අහිත කරයි. ඉන් මේ රටේ රැුකියා පවා ස්වදේශිකයන්ට අහිමිවේවි. එනිසා හදිසි පනත් ගෙන ඒමට තියෙන ව්‍යවස්ථාපිත අවස්ථා අහුරා ඇති වගන්තිය ඉවත් නොකරන ලෙස අපි ආණ්ඩුවට සඳහන් කරනවා. දෙවැනි කාරණය ලෙස අප සඳහන් කරන්නේ සමාගම් විගණනයයි.
රටක මූලික නීතිය වන්නේ ව්‍යවස්ථාවයි. හැබැයි ව්‍යවස්ථාවේ නැතිව මේ පනතින් පමණක් කළොත් ඉන් ලැබෙන්නේ අහිතකර ප්රතිඵලයි. එනිසා අප රටේ ව්‍යවස්ථාව තුළ මේ විගණන කටයුතු කළ යුතුයි. තුන්වැනි කාරණාව වන්නේ ද්විත්ව පුරවැසි භාවයයි. අර්ජුන් මහේන්ද්‍රන් අපේ රට කොල්ල කාලා පැනලා ගිහිල්ලා අද ඔහු ගෙන්න ගන්න බැරිව ඉන්නවා. එනිසා අපේ රටේ ඉහළ තනතුරු ද්විත්ව පුරවැසිභාවය තියෙන අයට ලබා නොදිය යුතුයි. එනිසා මේ රාජ්‍ය දුර්වල කරන සියල්ලම ඉවත් කළ යුතුයි. එසේ කර විස්ස සම්මත කර ගැනීම වරදක් නැති බව ප්‍රකාශ කරන්න කැමැතියි.
The post 20ට ජනතා ආශීර්වාදයක් නෑ… සම්මත වුණත් එය පරාජයක් – මැදගොඩ අභයතිස්ස හිමි appeared first on Helanews.