හිටපු ආණ්ඩුකාර ජානක බණ්ඩාර මහතා අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු ලේකම්වරයා ලෙස පත් කෙරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජේ. ඇම්. ජානක ප‍්‍රියන්ත බණ්ඩාර මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා ලෙස අද දින (21) පත් කර තිබේ .

1968 පෙබරවාරි 1වන දින උපත ලැබූ ඒ මහතා මණ්ඩාඩුව මැදමුලන මහ විද්‍යාලයේ සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදී සිසුවෙකු මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.

1995 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු ලෙස සිය වෘත්තීය කටයුතු ඇරඹි ඒ මහතා වසර 7 ක පමණ කාලයක් ඇඹිලිපිටිය අධිකරණයේ සේවය කළ අතර 2002 වසරේ සිට මහේස්ත‍්‍රාත්වරයෙක් සහ අතිරේක දිසා විනිසුරුවරයෙක් වශයෙන් කොළඹ, පැල්මඩුල්ල , රක්වාන , බිබිල , වැල්ලවාය යන අධිකරණවල සේවය කර ඇත.

2006 – 2008 වසර දක්වා ශ‍්‍රී ලංකාවේ මහාභාරකාර ලෙස කටයුතු කළ ජානක බණ්ඩාර මහතා 2008 වසරේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ තානාපතිවරයා ලෙස පත්විය.

සබරගමුව හිටපු ආණ්ඩුකාර මොහාන් සාලිය එල්ලාවල මහතාගේ අභාවයෙන් හිස් වූ සබරගමුව ආණ්ඩුකාර ධූරයේ දිවුරුම් දුන් ජානක බණ්ඩාර මහතා සබරගමුව පළාතේ 7 වැනි ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කළේය.

ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුද ලෙසද කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 Views