සෞඛ්‍ය ඇමතිනි විපක්ෂ නායකගෙන් කළ ඉල්ලීම

රටේ ජනතාවට සෞඛ්‍ය අංශ කෙරෙහි පවත්නා විශ්වාසය බිඳ නොදමන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටිනවා

පවතින කොරෝනා තත්ත්වය සමාජ ව්‍යාප්තියක් දක්වා පැතිර ඇති බවට වසංගත විද්‍යාඥයින් මෙතෙක් දන්වා නැති බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවතින කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියා

දකුණු ආසියානු කලාපයෙන්ම පී.සී.ආර් පරික්ෂණ පළමුවෙන්ම සිදු කරන ලද්දේ ශ්‍රී ලංකාව බවත් මේ පිළිබඳව‍ රටක් වශයෙන් අප ආඩම්බර විය යුතු බවත් අමාත්‍යවරිය පැවසුවා ,

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් පළමු කොරෝනා රෝගී කාන්තාව පිළිබඳව වාර්තා වූ දින සිට දින 07ක් ඇතුළත පී.සී.ආර් පරික්ෂණ ලක්ෂයකට වඩා සිදු කළ බවත් පී.සී.ආර් පරික්ෂණ සිදු කිරීම සඳහාම නව රසායනාගාර 21ක් අලුතින් ඉදි කළ බවද අමාත්‍යවරිය පෙන්වා දුන්නා.

The post සෞඛ්‍ය ඇමතිනි විපක්ෂ නායකගෙන් කළ ඉල්ලීම appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 Views