විපක්ෂ නායකතුමා දෙවන පෙළ අශ්‍රිතයෙක් – සෞඛ්‍ය අමාත්‍යවරිය

වසංගත රෝග විශේෂඥයන් විසින් Covid -19 සමාජ ව්‍යාප්තියක් දක්වා ව්‍යාප්ත වී නොමැති බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

ඒ කුලියාපිටිය හා ඉන් අවට ප්‍රදේශ වල කොවිඩ් පොකුරු සමාජ ව්‍යාප්තියක් දක්වා ගොස් තිබෙන බවද වෛද්‍ය සංගමය ඇතුළු එම ප්‍රදේශයේ වෛද්‍යවරුන් තමාට දැනුම් දුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කල ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසය.

යාල හෝටලයක සිට සොයා ගත් කොවිඩ් ආසාදිතයා එහි සිටි අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතා ද එම හෝටලයට ගොස් සිටි බැවින් ඔහු දෙවැනි ආශ්‍රීතයෙකු ලෙස හඳුනාගෙන තිබෙන බවද සෞඛ්‍ය ඇමතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

තවදුරටත් අදහස් දක්වමින් මහ මැතිවරණ ව්‍යාපාරය තුල තමා මුඛ ආවරණ පැලදුවාද නැද්ද යන්න පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දන්නේ කෙසේ දැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන ලදී.

ඒ මහ මැතිවරණ සමය Covid-19 ආසාදිත තත්වයෙන් මිදී තිබුණු බැවින් සජිත් ප්‍රේමදාස මහතා ද එම මැතිවරණ ව්‍යාපාරය මුඛ ආවරණ නොපැළඳ කරගෙන ගිය බවට සෞඛ්‍ය ඇමතිවරිය කල ප්‍රකාශයට පිළිතුරු ලෙසය.

තමන් මැතිවරණ ව්‍යාපාරයේදී මුහුණු ආවරණ පැලදුවාද නැද්ද යන්න දැනගන්න පවිත්‍රා වන්නිආරච්චි මහත්මියව තමා වටේ අරගෙන නොගිය බවද එහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකතුමා දෙවන පෙළ ආශ්‍රිතයෙක් ,

විපක්ෂ නායකතුමා දෙවන පෙළ ආශ්‍රිතයෙක් ,සෞඛ්‍ය ඇමතිනිය කියනවා සමාජ ව්‍යාප්තියක් නෑ කියලා

Posted by Newshub.lk on Tuesday, October 20, 2020

The post විපක්ෂ නායකතුමා දෙවන පෙළ අශ්‍රිතයෙක් – සෞඛ්‍ය අමාත්‍යවරිය appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

42 Views