වැල්ලවායේ වන විනාශයක් – අක්කර 10ක් එළි කරලා

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහආරගම ග්‍රාම නිලධාරී වසමට අයත් “දෙමළිය” රජයේ රක්ෂිතයේ කොටසක් එළිපෙහෙළි කරමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සඳහා යොදා ගත් ඩෝසර් යන්ත්‍රයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම රක්ෂිතයේ අක්කර 10කට ආසන්න භූමි ප්‍රදේශයක් මෙලෙස යන්ත්‍ර යොදා එළිපෙහෙළි කර විශාල පරිසර හානියක් සිදුකර ඇති බව වාර්තා වනවා.

දින කිහිපයක් පුරා මෙම රක්ෂිතයේ කොටසක් අනවසරයෙන් එළිපෙහෙළි කරමින් සිටින බවට ලද තොරතුරක් මත බුත්තල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් සහ වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පස්සර ප්‍රදේශයේ පදිංචි, 50 හැවිරිදි පුද්ගලයක් බව වාර්තා වේ.

සැකකරු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බුත්තල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් විසින් විමර්ශන සිදුකරයි.

The post වැල්ලවායේ වන විනාශයක් – අක්කර 10ක් එළි කරලා appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

33 Views