වැල්ලම්පිටියෙන් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්

වැල්ලම්පිටිය හල්මුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

මෙම රෝගීන් හමුවීමත් සමඟම වැල්ලම්පිටිය හල්මුල්ල ප්‍රදේශයේ 78 දෙනකු නිවෙස් තුළම ස්වයං නිරෝධායනය ට ලක් කර ඇති අතර කොරෝනා රෝගීන් බවට හඳුනා ගත් දෙදෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ දෙදෙනෙකු බව වැල්ලම්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ මහතා පැවසුවා.

මෙම ප්‍රදේශයේ පුද්ගලයින් PCR පරීක්ෂණ සඳහා නිරන්තරයෙන් යොමු කරන බවත් හමුවී ඇති රෝගීන් දෙදෙනාගේ පළමු පෙළ ආශ්‍රිතයින් පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියාසිටියා.

The post වැල්ලම්පිටියෙන් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 Views