ලෙඩිඩු ටිකක් වැඩි උනා කියලා රට වහන්න බෑ,ඉන්දියාවේ දවසට ලක්ශයයි.

බ‍්‍රැන්ඩික්ස් ආයතනයට ශ‍්‍රී ලාංකිකයින් 48 දෙනකු මෙරටට පැමිණ ඇති නමුත් ඒ අතර කිසිදු ඉන්දීය ජාතිකයකු නොවූ බව සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා* පැවසුවාය.

 ස්ථාවර නියෝග 27-2 යටතේ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කොවිඞ් පොකුර සම්බන්ධයෙන් විමසූ ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරිය මේ බැව් පැවසුවාය.

 එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය කළ ප‍්‍රකාශය මෙසේය.

 මේ රෝගය වාර්තා වූයේ කෙසේද කියා සෙවීමට අප‍්‍රමාදීව පරීක්ෂණ කළා. එසේම රෝගියා වාර්තා වූ වහාම ක්ෂණිකව ගත් පියවර තමයි රෝගය බෝවීම වැළැක්වීමට මිනුවන්ගොඩ ඇඟලූම් කම්හලේ 1500 ක් සේවකයන් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කළා. රෝගියාට රෝගය පැමිණියේ කෙසේද කියලා තහවුරු කර

 ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කරනවා,

 ඇඟලූම් කම්හල ආශ‍්‍රයෙන් පළමු රෝගියා වාර්තා වූ වහාම පැතිරයෑම වැළැක්වීමට අපි රජයක් විදියට කටයුතු කළා. සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව අපි කටයුතු කරනවා. ඒ සඳහා ත‍්‍රිවිධ හමුදා ප‍්‍රධානීන්ගේ සහාය ද අපට ලැබෙනවා. ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් යටතේ මේ රෝගය මර්දනය සඳහා ත‍්‍රිවිධ හමුදා ප‍්‍රධානීන්, සෞඛ්‍ය විශේෂඥයන් ඇතුළු තවත් අදාළ නිලධාරීන් කැඳවා විශේෂඥයන්ගේ යෝජනා විමසා ඒවා ක‍්‍රියාවට නංවනවා. පී.සී.ආර්. පරීක්ෂණවල නිරවද්‍යතාව වන්නේ සියයට 70 ක්. විශේෂයෙන්ම මෙය ලෝක වසංගතයක්. මෙයට එන්නතක් සොයා ගන්නා තෙක් සිටියත් මෙම රෝගයෙන් සම්පූර්ණයෙන්ම අපට ගැලවීමක් වෙන්නේ නැහැ. එසේ ගැලවීමක් වීමට නම් ලෝකයෙන්ම මේ රෝගය තුරන් විය යුතුයි.

 පසුගිය කාලය තුළ පී.සී.ආර්. පරීක්ෂණ 40,000 ක් කරලාත් මාස ගණනාවක් අවසන් වන තෙක් කොරෝනා රෝගියෙක් සමාජයෙන් වාර්තා නොවූ බව මම මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළා. නමුත් විදෙස් රටවලින් පුද්ගලයන් ගෙන්වා ගන්න වුණා. මෙරටට විදේශ විනිමය උපයා දීමට විදෙස් රටවල් බලා ගොස් සිටි තිස් හතළිස් දහසක් ශ‍්‍රමිකයන් ගෙන්වා ගැනීමට රජයට සිද්ධ වුණා. ලෝකයේ වසංගත තත්ත්වය තිබියදී ඔවුන් ගෙන්වා ගැනීමේදී වෛරසය මෙරටට පැමිණීමට පුළුවන්. නමුත් කිසිම

 රෝගියෙක් පිටරට සිට ගෙන්වා ගත්තේ නැහැ. පළමු පැය විසිහතර තුළදී වෛරසය ශරීරයේ තිබෙන බව පරීක්ෂණවලදී පෙන්වීම සිදු කරන්නේ නැහැ. එහේදී පරීක්ෂණවලට ලක්ව මෙරටට පැමිණි පසුව පිටරට සිට පැමිණෙන පුද්ගලයන් ගුවන්තොටුපොළේ දී, නිරෝධායන මධ්‍යස්ථානයේදී සෙසු පිරිස් සමඟ ගැටෙනවා. විදෙස්ගත ශ‍්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ පසුව කොවිඞ් රෝගීන් 200 ක් පමණ හැම වේලාවකම රෝහල්වලින් දිනපතා ප‍්‍රතිකාර ගත්තා. මෙරටට පැමිණීමට පෙර පී.සී.ආර්. පරීක්ෂණ විදේශයන්හි සිට කරගෙන ආවත්, ඇතැම් අවස්ථාවලදී මෙරටදී ඔවුන් රෝගීන් බවට පත්වෙනවා. කිසියම් පුද්ගලයකුගේ සිරුරට වෛරසය ශරීරගත වී පළමු දින හතේ තමයි මේ රෝගය පැතිර යන්නේ. මෙරට ගුවන්තොටුපොළේදී රෝගීන් හමු වෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන බහුතරයක් හමුදාව භාරයේ නඩත්තු කරනවා. මෙම නිරෝධායන මධ්‍යස්ථානවල 10,000 කට වැඩි පිරිසක් නිරන්තරයෙන් නිරෝධායනය වෙනවා.

 මත්තලට පැමිණි ගුවන්යානය ගැන විපක්ෂ නායකවරයා ප‍්‍රශ්නයක් විමසා සිටියා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය යටතේ මේ ගුවන්යානය මෙරටට පැමිණියා. එහි මඟීන් 48ක් ආවා. ඉන්දියානුවන් මෙරටට එම ගුවන්යානයෙන් පැමිණියේ නැහැ. සැප්තැම්බර් 22 වැනිදා සිට ඔක්තෝබර් 20 වැනිදා දක්වා ඔවුන් නිරෝධායනයට ලක් කළා. කොස්ගොඩ සෙරටන් හෝටලයේ නිරෝධායනය වුණා. ආයතනික නිරෝධායනය ශ‍්‍රී ලංකා යුද හමුදාව යටතේත්, ස්වයං නිරෝධායනය ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් යටතේත් සිදු කළා.

 කොවිඞ් – 19 පැතිර යෑම නිසා ඇතැම් ප‍්‍රදේශවල සංචරණ සීමාවන් පනවා තිබෙනවා. ගම්පහ දිස්ත‍්‍රික්කයේ සැලකිය යුතු කොටසක් නිරෝධායනය කරමින් තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සිදු කරනවා. අවශ්‍ය ප‍්‍රතිපාදන ලබාදීම සිදු කරනවා. දිස්ත‍්‍රික් ලේකම්වරුන්ගේ ඉල්ලීම් අනුව ඔවුන්ට අවශ්‍ය ඉල්ලීම් ලබාදීම මහා භාණ්ඩාගාරය මඟින් ඉදිරියේදී සිදු කරනවා.

 ගම්පහ දිස්ත‍්‍රික් ලේකම්ගේ ඉල්ලීමට ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණයට අනුව රුපියල් 5000 දීමනාව දෙනවා. අවශ්‍යතාව අනුව දිස්ත‍්‍රික් ලේකම්වරුන්ගේ ඉල්ලීම් අනුව මෙම ප‍්‍රතිපාදන සහ සහන ලබාදීම සිදු කරනවා.

-දිවයින පුවත්පත.

The post ලෙඩිඩු ටිකක් වැඩි උනා කියලා රට වහන්න බෑ,ඉන්දියාවේ දවසට ලක්ශයයි. appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

27 Views