රිෂාඩ් බදියුද්දීන්ට හෙට පාර්ලිමේන්තු පැමිණීමට අවස්ථාව හිමිවේ

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද(21) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා.

එය හෙට දිනයේදීත් පැවැත්වෙන අතර ඡන්ද විමසීම හෙට පස්වරුවේ පැවැත්වෙනු ඇති.  

මේ අතර, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් නිරෝධායනයට ලක් කර ඇති නිසා සති දෙකක කාලයක් පාර්ලිමේන්තු සභා වාරයන්ට සහභාගිවීමට අවසර ලබා නොදෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

කෙසේ වෙතත්, අද පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වී ඇත්තේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට හෙට පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගි වීම සඳහා අවස්ථාව ලබාදීමටයි.

සබැඳි ලිපි..

The post රිෂාඩ් බදියුද්දීන්ට හෙට පාර්ලිමේන්තු පැමිණීමට අවස්ථාව හිමිවේ appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 Views