රනිල්ගේ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය ඇතිකළේ අවිධිමත් ලෙසයි – අනුර කියයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කැබිනට් පත්‍රිකාවකට අනුව පිහිටවූ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය අවිධිමත් ලෙස පිහිටුවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (20) පස්වරුවේ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන් කළ පැමිණිලිවලට අදාළව අනුර කුමාර දිසානායක මහතා ඊයේ පස්වරුවේ ජනාධිපති කොමිසමට පැමිණියා.

ඔහු සඳහන් කළේ 2015 ජනවාරි 21  වැනිදා දූෂණ විරෝධී ලේකම් කාර්යාලයක් පිහිටුවීම සදහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාව සම්බන්ධයෙන් තමා දැනුවත් නොමැති බවයි.

The post රනිල්ගේ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය ඇතිකළේ අවිධිමත් ලෙසයි – අනුර කියයි appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 Views