“රටේ ජනතාවගේ ප්‍රාර්ථනාවන් පොළවට යට කර දැමීමේ උත්සාහයක්” – එක්සත් සංවර්ධන පෙරමුණේ ප්‍රධාන ලේකම්

මාධ්‍යවේදියා ::

රටේ ජනතාව රජයට බහුතර බලයක් සමග ආණ්ඩුවක් පිහිටුවීමට ජනබලයක් ලබා දුන්නේ ඒකාධිපති පාලනයක්‌ කරා රට තල්ලු කිරිමට නොව මෙම රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමින් ජනතාවට සුදුසු නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගෙනයෑමට බව එක්සත් සංවර්ධන පෙරමුණේ ප්‍රධාන ලේකම් එස්.ඩි.ජි.කේ. කුලතුංග මහතා පවසනවා.
බත්තරමුල්ලේ පැවති එක්සත් සංවර්ධන පෙරමුණේ රැස්වීමදි ඔහු මේ බව සඳහන් කළා.
මාධ්‍ය නිදහස, ජිවත් විමේ නිදහස, ආර්ථික නිදහස සහිත රටක් බිහි කිරීමට ඡන්දය ලබාදුන් ජනතාවගේ බලාපොරොත්තුව බව ද ඔහු කියා සිටියා.
නමුත් 20 වෙනි සංශෝධනය තුලින් රටේ ජනතාවගේ ප්‍රර්ථනාවන් පොළවට යට කර කොන්ක්‍රීට් දමා කීපදෙනෙකුගේ උවමනාව මත රට අගාධයට තල්ලු කරමින් සිටින බවද ලේකම්වරයා පෙන්වා දෙනවා.
අධිකරණය තුල 20 වෙනි සංශෝධනය අභියෝගයට ලක්‌ නොවුනානම් ගෙඩිය පිටින්ම මේය සම්මත කරගැනිම රජයේ උවමනාව වී තිබූ බව ද එක්සත් සංවර්ධන පෙරමුණේ ප්‍රධාන ලේකම් එස්.ඩි.ජි.කේ. කුලතුංග මහතා පවසනවා.
20 වෙනි සංශෝධනය තුල ද්විත්ව පුරවැසිභාවය වැනි කරුණු රජයේ මන්ත්‍රීවරු තුලින්ම විරෝධය මතුවිමේදී පවා එය වෙනස් නොකර සිටීමෙන් මෙම 20 වෙනි සංශෝධනය කාටද කුමක් සඳහාද යන්න මනාව පැහැදිලි වන බවද ලේකම්වරයා පෙන්වා දුන්නා.
නිදහසට හෙණ පහරක් වන මෙම 20 වෙනි සංශෝධනය පරාජය කිරීමට එක්වන ලෙස රජයේ සිටින රටට ආදරය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු එහිදී කියා සිටියා.

The post “රටේ ජනතාවගේ ප්‍රාර්ථනාවන් පොළවට යට කර දැමීමේ උත්සාහයක්” – එක්සත් සංවර්ධන පෙරමුණේ ප්‍රධාන ලේකම් appeared first on මාධ්‍යවේදියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

27 Views