මාකදුරේ මධුෂ් මරා දැමූ ආකාරය ප්‍රශ්ණයක්..
මාකදුරේ මධූෂ් මරාදැමූ ආකාරය ගැන ජනතාවට ප්‍රශ්නයක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
දේශපාලඥයන් 80 දෙනකු කුඩු ව්‍යාපාරිකයන් බව මාකඳුරේ මධූෂ් විසින් හෙලි කර ඇති බව පොලිස් ප්‍රකාශක වරයෙක් ප්‍රසිද්ධියේ කියා සිටි බවද ඔහු පැවසීය.
මාකඳුරේ මධූෂ් ඝාතනයක් සමග එදි එකී සියලු පුද්ගලයන්ගේ නම් සැඟවීමක් සිදුකර ඇතැයි ද ඔහු චෝදනා කළේය.
මධුෂ් සම්බන්ධයෙන් නඩුව උසාවියේ විමසීමක් කලා නම් අදාළ දේශපාලඥයන් කවුද යන්න හෙළි වන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
The post මාකදුරේ මධුෂ් මරා දැමූ ආකාරය ප්‍රශ්ණයක්.. appeared first on Helanews.