පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය වසා දමයි, කොරෝනා ආසාදිත පිරිසක් වාර්තා වෙයි
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටින් හඳුනාගත් විවිධ ප්‍රදේශවලට අයත් පිරිස් පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළඳ සංකීර්ණයටද පැමිණ ඇති බව තහවුරු වීමත් සමඟම එම වෙළඳ සංකීර්ණයේ සේවයේ නියුතු පුද්ගලයින් පී.සී.ආර් පරීක්ෂණයට යොමු කර තිබුණා.
ලැබුණු පී.සී.ආර් වාර්තා අනුව එහි සේවයේ නියුතු පුද්ගලයින් 49 දෙනෙකුට කොවිඩ්- 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අහඹු ලෙස පුද්ගලයින් 105 යොදා සිදු කල පරීක්ෂණ මඟින්.
මේ හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තාවකාලිකව වසා දැමුණු බව සඳහන්.