පාර්ලිමේන්තුවේදී හෘදයාබාදයක්.. ඇමති ජයන්ත සමරවීර රෝහල්ගත කරයි..

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා ඊයේ දින පාර්ලිමේන්තුවේ දී හදිසියේ අසනීප වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේ දී ඔහුට පපුවේ වේදනාවක් ඇති වී තිබිණි.

පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේදී ප‍්‍රතිකාර ලබා දීමෙන් පසුව ඒ මහතා රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඇමතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් අවශ්‍ය ප්‍රතිකාර පහසුකම් ලබා දී ඇති බවත්ය.

The post පාර්ලිමේන්තුවේදී හෘදයාබාදයක්.. ඇමති ජයන්ත සමරවීර රෝහල්ගත කරයි.. appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 Views