පශ්චාත් කොරොනා සමයේ‍ ලෝක ආර්ථිකයට පුනර්ජීවනයක් වන චීන ආර්ථක පුනරුත්ථාපනය

චීනය කොරෝනා වසංගතය සාර්ථක ව පාලනය කිරීමත් සමග චීන ආර්ථිකයේ පුනරුත්ථාපනය පිළිඹිබු කෙරේ.

එහි ප්‍රතිඵලයක් ලෙසට චීන දළ දේශීය නිෂ්පාදිතයේ අඛණ්ඩ වර්ධනයක් දක්නට ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

චීන ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මේ වසරේ මුල් කාර්තු 03 නේ චීන දළ දේශීය නිෂ්පාදිතය චීන යුවාන් ට්‍රිලියන 72.28කි. එය සංසන්දනාත්මක මිළ ගණන් යටතේ 0.7 % ක වර්ධනයකි.

මේ වසරේ පළමු කාර්තුවේ චීන දළ දේශීය නිෂ්පාදිතය 6.8 % කින් පහත වැටුණ ද දෙවැනි හා තුන්වැනි කාර්තුවේ දී වර්ධනයක් දක්නට ලැබිණ.
එහි වර්ධනය වෙන් වෙන් ව 3.2 % ක් හා 4.9 % ක් විය.

මේ වසරේ පළමු හා දෙවැනි කාර්තු දෙක සමග සසඳන විට තුන්වැනි කාර්තුවේ චීන දළ දේශීය නිෂ්පාදිතය 2.7 % කින් වර්ධනය වී ඇත. මෙහි ඇති තවත් විශේෂත්වයක් ලෙසට චීන ආර්ථික ප්‍රකෘතිය අඛණ්ඩ ව පවතිනු ඇති බවට විශේෂඥයන් විශ්වාසය පළ කරති.

චීනයේ රෙන්මින් විශ්ව විද්‍යාලයේ උප කුලපති ලියු යුවාන්චුන් සඳහන් කරන පරිදි කොරෝනා වසංගතයේ බලපෑම සහ සංකීර්ණ දේශීය හා විදේශීය
පාරිසරික සන්දර්භය තුළ චීනයේ ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක වීම ඉතා කලාතුරකින් සිදුවන්නක් වේ.

මෙවන් පසුබිමක් තුළ චීනයේ ආර්ථික පුනරුත්ථාපනය අඛණ්ඩ ව සිදුවනු ඇති අතර එය පශ්චාත් කොරෝනා සමයේ‍ ලෝක ආර්ථිකයට ද පුනර්ජීවනයක් වනු ඇත.

– රවිමල් හඳුවල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 Views