ද්විත්ව පුරවැසි වගන්තියට විරුද්ධයි – ජනාධිපතිගේ හිතුවක්කාර බලයට විරුද්ධව එදා සටන් කළා

ද්විත්ව පුරවැසියන් පාලනයට සම්බන්ධ නොවිය යුතු බවත් විසිවැනි ව්‍යවස්ථා සංශෝධනෙය් සඳහන් ද්විත්ව පුරවැසි වගන්තියට කාරක සභා අවස්ථාවේදී වෙනසක් කළ යුතු යැයි පාර්ලිමේන්තු ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයට අද (21) එක්වෙමින් ඔහු මේ බව පවසන ලදි.

එසේ විරුද්ධ විය යුතු වන්නේ19 වැනි සංශෝධනයේ එය ඇතුළත් නිසා නොව රටේ සෛවරීභාවය පිළිබඳව සලකා බව ඔහු අවධාරණය කරන ලදි.

එමෙන්ම,විධායක ජනාධිපති ක්‍රමය යටතේ ගොඩනැගෙන ජනාධිපතිවරයාගේ තනි හිතුවක්කාර බලයට විරුද්ධව සටන් කිරීම පරම අභිලාෂය ලෙස සලකා 19 වැනි සංශෝධනයට එදා සහය දුන් නමුත් වර්තමාන ජනාධිපතිවරයාට අවශ්‍ය බලය තහවුරු කරගැනීමට 20 වන සංශෝධනය සම්මත විය යුතු බවද ඒ මහතා පවසනවා.

The post ද්විත්ව පුරවැසි වගන්තියට විරුද්ධයි – ජනාධිපතිගේ හිතුවක්කාර බලයට විරුද්ධව එදා සටන් කළා appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 Views