ද්විත්ව පුරවැසි බාධාව ඉවත් කිරීමට එරෙහිව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සටනේ..! බැසිල් විරෝධී මැති ඇමතිවරු අභයාරාමයට කැදවති.

ද්විත්ව පුරවැසි බාධාව ඉවත් කිරීමට එරෙහිව
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සටනේ..!
බැසිල් විරෝධී මැති ඇමතිවරු අභයාරාමයට කැදවති.

යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධනය යටතේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සදහා තේරීපත්වීමට ද්විත්ව පුරවැසියන්ට පනවා තිබූ තහනම ඉවත්කිරීමට යෝජනා වී ඇති අතර, ඊට එරෙහිව, අභයාරාම විහාරාධිපති, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සටනට බැස ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අද සහ හෙට දිනයේ දී, ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අනෙකුත් පක්ෂ නියෝජිතයන් මුන ගැසීමට උන්වහන්සේ සැලසුම් කර තිබේ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග සාකච්ඡාවට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත පිරිසක් අද දිනයේ දී සහභාගී වන බව තහවුරු කර තිබේ.

ද්විත්ව පුරවැසි බාධාව ඉවත් කිරීම පිළිබදව යළිත් සිතා බලන ලෙස ඉල්ලා, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරු විසින්, නැවත වරක්, ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට අද දිනයේ දී ද ලිපියක් භාර දීමට නියමිත බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

34 Views