තාවකාලිකව වැසුණු කොළඹ කොටුව පොලිස් ස්ථානය යළි විවෘතයි

කොරෝනා වසංගත අවදානම හමුවේ ඊයේ පස්වරුවේ සිට තාවකාලිකව වසා දමා තිබූ කොළඹ කොටුව පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.

විෂබීජහරණ කටයුතුවලින් අනතුරුව අද පෙරවරු 9.00 සිට පොලිස් ස්ථානය යළි විවෘත කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

කොරෝනා වෛරසය ආසාදනය වු පොලිස් නිලධාරියෙකු හඳුනාගැනීම හේතුවෙන් ඊයේ (20) පස්වරුවේ කොටුව පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමා එහි සෙසු නිලධාරින් නිරෝධායනයට යොමුකිරීමට පියවර ගැනුණා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

27 Views