ජනිපෙ මන්ත්‍රීවරු උස්සන්න ගිහින් මාට්ටු! විමල් කැටගොඩ ගැටුමක් -අගමැති ලිස්සා යයි!

මාධ්‍යවේදියා ::

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන  අද දිනයේ අමාත්‍ය විමල් වීරවංශ සහ මන්ත්‍රී ජයන්ත කැටගොඩ  අතර සභා ගැබෙන් පිටතදී උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව වාර්තාවේ.

මේ සඳහා හේතු වී ඇත්තේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු   පිරිසක්  විසින් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන වන ජයන්ත සමරවීර, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ, උද්දීක ප්‍රේමරත්න, මොහොමඩ් මුසම්මිල් යන අයගෙන්  කිහිප දෙනෙකුට බලපෑම් කිරීමේ සිදුවීමකි.

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු විසින් තමන්ට වරදාන, වරප්‍රසාද ලබා දෙන බවට කළ  බලපෑම් සම්බන්ධයෙන් පක්ෂ නායක විමල් වීරවංශ දැනුවත් කර ඇති අතර මෙම සිදුවීම අගමැති මහින්ද රාජපක්ෂට පැමිණිළි කිරීමට පක්ෂ නායක අමාත්‍ය විමල් වීරවංශ කටයුතු කර ඇත.

එහිදී මහින්ද රාජපක්ෂ විමසා ඇත්තේ එම බලපෑම් කළ මන්ත්‍රීවරු කවුරුන්ද යන්නයි.

ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාද එම ස්ථානයට පැමිණ ඇති අතර විමල් වීරවංශ  පවසා ඇත්තේ එසේ  බලපෑම් කළ පිරිස අතර ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාද සිටින බවය.

ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ එම ස්ථානයෙන්  පිටව ගොස් ඇති අතර ජයන්ත කැටගොඩ සහ ඇමති විමල් වීරවංශ අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇත.

එය ගැටුමක් දක්වා දුර දීග යාමට මත්තෙන් එම ස්ථානයේ සිටි මන්ත්‍රීවරු මැදිහත්වී සමථයකට පත් කළ බවද එම  ආරංචිමාර්ග සඳහන් කරයි.

(Lanka Lead News)

(the leader)

The post ජනිපෙ මන්ත්‍රීවරු උස්සන්න ගිහින් මාට්ටු! විමල් කැටගොඩ ගැටුමක් -අගමැති ලිස්සා යයි! appeared first on මාධ්‍යවේදියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 Views