චීන කොරෝනා එන්නත බ්‍රසීල ප්‍රතිශක්තිකරණ සැලැස්මට

ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනක කොටසක් ලෙස චීන නිෂ්පාදිත කොරෝනා වයිරස් එන්නතක් භාවිතා කිරීමට බ්‍රසීලය සැලසුම් කර ඇති බව එරට නිලධාරීහු නිවේදනය කරනවා.

සාඕ පවුලෝ ආණ්ඩුකාර ජොආනෝ ඩෝරියා පැවසුවේ ‘කොරෝනාවැක්’ එන්නත මාත්‍රාව මිලියන 46 ක් මිලදී ගැනීමට ෆෙඩරල් රජය එකඟ වී ඇති බවයි.

2021 ජනවාරි මාසය වන විට ප්‍රතිශක්තිකරණ වැඩසටහන ආරම්භ කළ හැකි බවත්, එය වසංගතයට එරෙහිව සටන් කිරීමට ලොව ප්‍රථම උත්සාහයක් ගන්නා බවත් ඔහු සඳහන් කළා.

කොරෝනා වයිරසයෙන් වඩාත් පීඩාවට පත් වූ රටවලින් එකක් ලෙස බ්‍රසීලය හැඳින්වෙනවා.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් කරන ලද දත්ත වලට අනුව, ආසාදිතයින් මිලියන 5.3 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. එය එක්සත් ජනපදයට හා ඉන්දියාවට පසු ලෝකයේ තුන්වන ඉහළම අගයයි.

The post චීන කොරෝනා එන්නත බ්‍රසීල ප්‍රතිශක්තිකරණ සැලැස්මට appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 Views