චීනය සොයා ගත් කොරෝනා එන්නත සුබ වන ලකුණු

කොවිඩ් පැරදවීමට චීනය සොයා ගත් covax එන්නත කිසිදු බරපතළ ගණයේ අතුරු අබාධයක් නොපෙන්වමින් ඉතා යහපත් මට්ටමකට වැඩි දියුණු කර ඇති බව චීන මාධ්‍ය වාර්තා කරනවා.

එහි දැක්වෙන පරිදි මේ සඳහා රටවල් 125ක් නියෝජනය කරමින් 60000ක් පමණ පුද්ගලයින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති අතර එම එන්නත ඔවුන් සියලු දෙනා සඳහා යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා

මෙම එන්නත සහනදායි මිලකට ලබා දෙමින් ලොවම මුහුණපා සිටින දරුණු වසංගත තත්ත්වයෙන් මිදීමට බලාපොරොත්තු වන බවයි චීන රජය දන්වා තිබෙන්නේ.

මෙම වසර අවසන් වන විට චීනය විසින් COVID-19 එන්නත් මාත්‍රාව මිලියන 610 ක් පමණ නිපදවනු ඇතැයි අපේක්ෂා කරන බව චීනයේ කොරෝනා වෛරස් එන්නත් සංවර්ධන කාර්ය සාධක බලකායේ ප්‍රධානී ෂෙන් ෂොංවේ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවා.

The post චීනය සොයා ගත් කොරෝනා එන්නත සුබ වන ලකුණු appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 Views