ගම්පහ කර්මාන්තශාලා හිමියන්ට නිවේදනයක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක අපනයන කටයුතු හා සම්බන්ධ කර්මාන්ත ශාලා පවත්වා ගෙන යෑමට නිරෝධායන ඇඳිරිනීතිය බාධාවක් නොවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා

ඇඳිරිනීතිය පවතින කාලය තුළ තම සේවා ස්ථානයට යෑමට සහ නැවත නිවස කරා ඒමට එම ආයතන වල සේවකයින්ට ඇඳිරිනීති බලපත්‍රය ලෙස තම සේවා ස්ථානයෙන් නිකුත් කර ඇති හැඳුනුම්පත යොදාගත හැකි බවයි කියා සිටින්නේ

ගම්පහ දිස්ත්‍රික්කයට අද (21) රාත්‍රී 10 සිට සඳුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට අද දහවල් බලධාරීන් කටයුතු කළා

The post ගම්පහ කර්මාන්තශාලා හිමියන්ට නිවේදනයක් appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 Views