කොළඹ කොටුව පොලීසියේ රාජකාරී තාවකාලිකව නතර කෙරේ

කොළඹ කොටුව පොලිස් ස්ථානයේ සාමාන්‍ය රාජකාරී අද සිදු නොවන බව පොලිස් මාධ්‍ය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එයට හේතුව ලෙස කොළඹ කොටුව පොලිස් ස්ථාන පරිශ්‍රය තුළ පිහිටා ඇති බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියකු කොවිඩ් අසාදිත බව හඳුනා ගැනීමත් සමඟ එහි සේවයේ නියුතු සියලු නිලධාරීන් නිරෝධායනයට පියවර ගෙන තිබීම හා කොළඹ කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් එම පොලිස් ස්ථානයේම නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබීම බව ඒ මහතා සඳහන් කරනවා.

පොලිස් මාධ්‍ය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, සේවා ලබා ගැනීම සඳහා පිටකොටුව හෝ කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානවලට යන ලෙස ජනතාවට යන ලෙසයි.

The post කොළඹ කොටුව පොලීසියේ රාජකාරී තාවකාලිකව නතර කෙරේ appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

29 Views