කොටුව පොලිීසියේ රාජකාරි කටයුතු තාවකාලිකව නතර කෙරේ

කොරෝනා ආසාදිත පොලිස් පරීක්ෂකවරයෙකු හමුවීමත් සමඟ කොටුව පොලිීසියේ රාජකාරි කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා

කොටුව පොලිසිය පිහිටි ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටි බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා ආසදනය වී ඇති බව ඊයේ හෙළිවුණා.

එම තත්ත්වයත් සමඟ එම ඒකකයේ සහ කොටුව පොලීසියේ නිලධාරීන් නිරෝධායනයට යොමුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කරන්නේ

කොළඹ කොටුව පොලිස් ස්ථානයේ සාමාන්‍ය රාජකාරී අද සිදු නොවන බවත් ,සේවා ලබා ගැනීම සඳහා පිටකොටුව හෝ කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානවලට යන ලෙස ජනතාවට යන ලෙසටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම් දෙනවා

The post කොටුව පොලිීසියේ රාජකාරි කටයුතු තාවකාලිකව නතර කෙරේ appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

28 Views