කළුබෝවිල රෝහලේ සේවකයෙකුටත් කොරෝනා…
දකුණු කොළඹ ශික්ෂණ රෝහල හෙවත් කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩල සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ ඔහු පසුගිය 15 වැනිදා රාජකාරියට පැමිණීමේදී උණ රෝගී තත්ත්වයක් පෙන්නුම් කළ නිසා කොරෝනා පරීක්ෂණ සිදුකළ බවයි.
එහිදී හෙළි වී ඇත්තේ ඔහු කොරෝනා වෛරසය ආසාදිත වූ බවයි.
දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළු කර ඇත.
The post කළුබෝවිල රෝහලේ සේවකයෙකුටත් කොරෝනා… appeared first on Helanews.