කළුබෝවිල රෝහලේ සේවකයෙක්ට කොවිඩ්

කළුබෝවිල ශික්ෂණ රෝහලේ කාර්යය මණ්ඩලයට අයත් සාමාන්‍ය කම්කරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

පසුගිය 15 වැනිදා එම සේවකයා රාජකාරියට පැමිණිමේදී උණ රෝගී තත්වයක් පෙන්නුම් කර ඇති අතර ඒ අනුව සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

අදාල සේවකයා දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර වෛරසය ආසාදිත බවට හඳුනාගැනිමෙන් පසුව ඔහු කොස්ගම පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ.

එම සේවකයාව සමීපයෙන් ආශ්‍රය කල තවත් රෝහල් සේවකයින් 16 කට පමණ PCR පරීක්ෂණ සිදුකර ඇත.

කෙසේවෙතත්, රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

The post කළුබෝවිල රෝහලේ සේවකයෙක්ට කොවිඩ් appeared first on Aruna.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

30 Views