ඊයේ හමුවූ ආසාධිතයින් 186 දෙනාගේ සම්පුර්ණ විස්තරය මෙන්න

ඊයේ දිනයේදී නව ආසාධිතයන් 186 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 5811 ක් දක්වා ඉහළ ගියා.

එම ආසාධිතයින්ගෙන් 180 දෙනෙකුම මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අයත් අය වනවා.

ඒ අනුව මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 2342 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ජපානයේ සිට පැමිණි තිදෙනෙක් , රුසියාවේ සිට පැමිණි දෙදෙනෙක් සහ කටාර් සිට පැමිණි එක් අයෙක් කොරෝනා ආසාධිතයන් ලෙස ඊයේ තහවුරු කර ගැණුනා.

මෙරටින් මෙතෙක් හඳුනාගත් ආසාධිතයින්ගෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 2341 ක් වන අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 3457 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය කියාසිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

32 Views