ඊයේ කොරෝනා ආසාදිතයින් 186ක් ; පොකුර 2342 ට නගී

ඊයේ (20) දිනය තුළ කොවිඩ් – 19 ආසාදිතයින් 186ක්අලුතින් වාර්තා වී තිබේ.

ඉන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් මතු වූ කොවිඩ් – 19 පොකුරට අදාලව  ආසාදිතයන් 180 දෙනෙකු එක් වී තිබේ.

එම ආසාදිතයන් 180 දෙනා අතර ඇඟලුම්හල් ආශ්‍රිතයන් හෝ කාර්ය මණ්ඩලයට අදාළව නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 37 ‍දෙනෙක්ද, ආශ්‍රිතයන් 143 දෙනෙක්ද වෙති.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් මතු වූ කොවිඩ් – 19 පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,342ක් දක්වා වැඩි වූහ.

මේ අතර ඊයේ වාර්තා වූ 186 දෙනා අතරින් විදේශයන්හි සිට පැමිණි හයදෙනෙකුද වෙති. ඔවුන් ජපානයේ සිට පැමිණි තිදෙනෙක්, රුසියාවේ සිට දෙදෙනෙක් සහ කටාර් සිට පැමිණි එක් අයෙක් ලෙස නිරෝධායනයට ලක්වෙමින් සිටියදී හමුවී ඇත.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 5,811ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2,341ක් දක්වා ඉහළට ගොස් ඇත.

මේ වනවිට කොවිඩ් – 19 ආසාසිත පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

The post ඊයේ කොරෝනා ආසාදිතයින් 186ක් ; පොකුර 2342 ට නගී appeared first on Online sinhala news site in sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 Views