ආනවිළුන්දාව රැම්සා තෙත් බිමේ නැවතත් වන විනාශයක්

පසුගිය කාලසීමාවේ දැඩි කථාබහට ලක්වූ හලාවත – ආනවිළුන්දාව රැම්සා තෙත් බිම් කුරුළු අභයභූමියේ අක්කර එකහමාරක පමණ භූමි ප්‍රමාණයක්, කිසියම් පිරිසක් යළි හෙළි පෙහෙළි කර තිබෙනවා.

ආනවිලුන්දාව – පිංකට්ටිය ප්‍රදේශයේ වැවට යාබද පුරන් කුඹුරක් මෙලෙස හෙළිපෙහළි කර ඇති අතර, එහි තිබූ කුඹුක්, බෙලි සහ සියඹලා ඇතුලු ශාඛ වර්ග රැසක් කපා දමා ඒවාට ගිනි තබා විනාශ කර ඇති බවයි හිරු නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරනවා.

මීට පෙර රැම්සා තෙත්බිම හෙළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොහොයුරු ජගත් සමන්ත ඇතුලු පිරිසක් පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

කෙසේ වෙතත් පිංකට්ටිය ප්‍රදේශයේ බැකෝ යන්ත්‍රයක් යොදවා විනාශ කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

The post ආනවිළුන්දාව රැම්සා තෙත් බිමේ නැවතත් වන විනාශයක් appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

27 Views