අධිචෝදනා ගොනු කිරීමෙන් පසු පාඨලීට ඇප

රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර පිළිබඳ නඩුවට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතාට අද කොළඹ මහාධිකරණය හමුවේ අදි චෝදනා භාරදීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.

මෙම නඩුව පවරා ඇත්තේ රිය අනතුරක් සිදුකර පළායාම ඇතුලු අධි චෝදනා 4ක් යටතේයි

රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් සහ රුපියල් දස දහසක මුදල් ඇපයක් මත පාඨලී චම්පික රණවක මහතා මුදා හැරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා අද නියෝග කලේ.

මෙම නඩුවේ සාක්ෂි විභාගය ලබන වසරේ මාර්තු මස 4වනදා ආරම්භ වන බවත් එදිනට පැමිණිල්ලේ සාක්ෂිකරු 4 දෙනෙකුට පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කිරීමටත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨඨී චම්පික රණවක මහතා ඇතුලු පිරිසකට චෝදනා එල්ලවන රිය අනතුර රාජගිරිය ප්‍රදේශයේදී සිදුව තිබුනේ 2016 වසරේදීයි.

The post අධිචෝදනා ගොනු කිරීමෙන් පසු පාඨලීට ඇප appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

22 Views