5000 බෙදාදීම ඇරඹේ

ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල පවුල් 72,345ක් සඳහා රුපියල් 5,000 දීමනාව ලබාදීම මේ සතිය තුළ අවසන් කරන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අද (20) උදෑසන සිට එම රුපියල් 5,000 ගෙවීමේ කටයුතු ආරම්භ කෙරුණු බවයි.

මේ යටතේ මිනුවන්ගොඩ, දිවුලපිටිය හා වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට අයත් මිනුවන්ගොඩ, දිවුලපිටිය, අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලදී තෝරාගත් ස්ථානයවලදී එම රුපියල් 5,000 දීමනාව ලබාදීම අද සිට සතියක් පුරා ක්‍රියාත්මකයි.

The post 5000 බෙදාදීම ඇරඹේ appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

27 Views