20 ට ඡන්දය දෙන්න රිෂාඩ් – හකීම් – බැසිල් දිවිසුමක් !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට ඡන්දය ලබාදීම සඳහා රිෂාඩ් බදියුදීන් , රවුෆ් හකීම් සහ බැසිල් රාජපක්ෂ මහත්වරුන් අතර ගිවිසුමක් ඇති කරගෙන තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

එම ගිවිසුමට අනුව රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් මහත්වරුන් 20 ගැන විවාදයට සහභාගී වුව ද ඡන්දය විමසන මොහොතේ මැති සබයේ නොසිටිනු ඇත. රිෂාඩ්ගේ පක්ෂයේ ඉතිරි තිදෙනා සහ හකීම්ගේ පක්ෂයේ හතරදෙනා 20 සංශෝධනයට පක්ෂව ඡන්දය දෙනු ඇත.

ආණ්ඩු පක්ෂයේ පිරිසක් 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය නොදෙන තත්ත්වයක් පවතින නිසා බැසිල් රාජපක්ෂ මහතා මෙබඳු ගිවිසුමක් ඇතිකරගෙන ඇතැයි කියති.

මෙම ගිවිසුම අනුව රිෂාඩ් . හකීම් ඇතුළු පිරිසට පොරොන්දු වී ඇති වෙනත් ප්‍රතිලාභ ගැන හෙළිදරවු වී නැත.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම මෙම ගිවිසුමට තම විරෝධය ප්‍රකාශ කොට ඇත.

The post 20 ට ඡන්දය දෙන්න රිෂාඩ් – හකීම් – බැසිල් දිවිසුමක් ! appeared first on Online sinhala news site in sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

29 Views