20ට තවත් සංශෝධන 3ක් ගේන්න කැබිනට් මණ්ඩලය තීරණය කරයි

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තවත් සංශෝධන තුනක් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (19) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

අමාත්‍ය මණ්ඩලයේ සීමාව සහ විගණන කොමිසම සම්බන්ධයෙන් දහනම වැනි සංශෝධනයේ සඳහන් කරුණු වෙනස් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එසේම ජාතික ආරක්ෂාව සහ ආපදා තත්ත්වයන් හැරුණු කොට වෙනත් අවස්ථාවලදී හදිසි පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සීමා කිරීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත් එම ආරංචි මාර්ග පැවසීය.

මෙම සංශෝධන විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විවාදය අවසන් වීමෙන් පසුව කාරක සභා අවස්ථාවේදී සම්මත කර ගැනීමට නියමිත බවත් එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. කැබිනට් මණ්ඩල හමුවෙන් පසු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හමුවක්ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

ධනුෂ්ක ගොඩකුඹුර

දිනමිණ

The post 20ට තවත් සංශෝධන 3ක් ගේන්න කැබිනට් මණ්ඩලය තීරණය කරයි appeared first on Online sinhala news site in sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

21 Views