20ට එරෙහිව ඔන්ලයින් පෙත්සමක්

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන නොයන ලෙස ඉල්ලා සිටිමින් ජනපති, අගමැති, පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත බලකිරීමේ ඔන්ලයින් පෙත්සමකට සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරය සහ ඒකාබද්ධ විපක්ෂ නායකවරු ඊයේ අත්සන් තැබූහ.

ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති පරිදි පුළුල් ලෙස මහජන අදහස් විමසීමෙන් පසුව සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අභිලාෂයන් පිළිබිඹු වන නව ව්‍යවස්ථාවක් සම්මත කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා සිටී.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී අත්තනෝමතික ලෙස සොරකම් කිරීමට රජය උත්සාහ කරන්නේ නම්, එය රටේ ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරන බවට හිටපු කථානායක සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය අනතුරු ඇඟවීය.

“එක් අතකින්, වසංගතය රට පුරා තර්ජනාත්මකව පැතිරෙමින් තිබේ. එදිනෙදා ජීවිතය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වී ඇත. එහෙත්, මේ ආණ්ඩුවේ නායකයින්ගේ බලය පිලිබඳ සාගින්න වැඩි ය. ඔවුන් ඒකාධිපති පාලනයක් ඇති කරන තෙක් ඔවුන්ගේ බල පිපාසය සංසිඳුවන්නේ නැත.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝග අතිවිශාල හා පෙර නොවූ විරූ ඒවා බව” කරූ ජයසූරිය මහතා පැවසීය.

සියළුම මන්ත්‍රීවරුන් සිය හදවත්වලට ඇහුම්කන් දෙන ලෙස ඔහු ඉල්ලා සිටි.

වර්තමාන හා අනාගත පරම්පරාවන්ට අත්තනෝමතික පාලනයක වහලුන් ලෙස ජීවත් වීමට බල කෙරෙන යුගයක් නිර්මාණය කිරීමට ඔවුන් හවුල් විය යුතුදැයි තමන්ගෙන්ම විමසා සිටින ලෙස හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

35 Views