“සුදු ඇදගෙන හිටියට ඔය කිසි කෙනෙක් සුදු නෑ – මම මැරෙන්න බය නෑ”
අද උදෑසන මිය ගිය මාකඳුරේ මධූෂ්ගේයැයි පැවසෙන හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
එහිදී ඔහු පවසා සිටින්නේ තමා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යයෙකු බවත් මෙම තැනට ඔහුව ඇද දැමූ බවයි. ඔහුගේ මව මෙන්ම කුඩා සහෝදරයාවද මරා දැමූ බව එහිදී ඔහු පවසනවා.
දේශපාලඥයන්ගේ තොරතුරු තමා සතු බැවින් තමාව කිසි ලෙසකවත් අත් අඩංගුවට ගැනීමට නොහැකි බවද එහිදී ඔහු පවසනවා.
“සුදු විදිහට ඇඳලා හිටියට සුදු නෑ සර්. ඔය ඉන්න කවුරුවත් සුදු නෑ. හැමෝගෙම යට කළු තියෙනවා” යැයි එහිදී ඔහු පවසයි
The post “සුදු ඇදගෙන හිටියට ඔය කිසි කෙනෙක් සුදු නෑ – මම මැරෙන්න බය නෑ” appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.