සාවා නමින් කල්ලියක්.. නායකයෙකු බෝම්බල කඩු සමගින් අත්අඩංගුවට..

යාපනයේ කොඩිකාමම් පොලිස් බලප්‍රදේශයේ කච්චායි ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්බෝම්බයක් හා කඩුවක් සමගින් අත්අඩංගුවට ගත් බවට කොඩිකාමම් පොලීසිය පවසයි.

කච්චායි දකුණ ප්‍රදේශයේදී අදාල සැකකරු නිවසක සැඟව සිටින බවට පොලිස් නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව සිදුකරන ලද වැටලීමකදී අදාල සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සැකකරු සාඟව සිටි නිවස පරික්ෂා කර බැලීමේදී නිවස පිහිටි ඉඩමේ එලුගාලක සඟවා තිබූ තියුණු කඩුවක් සහ එහි පොළවේ වලදමා තිබූ අත්බෝම්බයක් සොයාගැනීමට හැකිව තිබේ.

අදාල සැකකරු යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියට අමතරව සාවා නමින් තවත් ක්‍රියාත්මක කල්ලියක නායකයෙකු වශයෙන්ද පොලීසිය සැක පල කර සිටියි.

අත්අඩංගුවට ගත් සැකකරු වව්නියාව ඩිපෝවේ කම්කරුවෙකු වශයෙන්ද සේවය කරන 31 හැවිරිදි අයෙකු වන අතරම ඔහු යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන කොඩිකාමම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

The post සාවා නමින් කල්ලියක්.. නායකයෙකු බෝම්බල කඩු සමගින් අත්අඩංගුවට.. appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

31 Views